ජනාධිපතිවරයා වෙත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කර සිටිනවා.
” වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තම වෙතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි. ලොහාන් රත්වත්තේ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබිය” ට්විටර් සටහනක් තබමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.