අනුරාධපුර බන්ධනාගාරය තුලට බීමතින් ඇතුල්වී එහි කලහකාරී ලෙස හැසිරුණු බව කියන රාජ්‍ය අමාත්‍යවරයා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම තමන් තරයේ හෙළා දකින බවත් මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි විපක්ෂ නායකවරයා සිය ට්විටර් සටහනෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇත්තේ.
මේ අතර අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙස දමිල දේශපාලන පක්ෂ විසින් ද ඉල්ලීමක් සිදුකර තිබෙනවා.