නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඉදිකිරීම් සමාගමක සේවකයකු බව කියන සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හෙළිවී ඇත්තේ.
එම සැකකරු මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පැමිණ දින 12 පමණ වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.