එල්ලේ ක්‍රීඩකයාගේ මරණයට හමුදාවේ 05ක් රඳවා ගෙන ප්‍රශ්න කරයි

September 15, 2021 at 8:42 AM

මෝදර එල්ලේ ක්‍රීඩකයා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් පස්දෙනකු හෙට (16) දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබා දී තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 290 වගන්ති ප්‍රකාරව අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඔවුන් පැය 48 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දෙනු ලැබුවා.

මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන මෙම විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයෙකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක ද අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

මෙසේ සොයාගත් මළසිරුර සිද්ධියට අදාළ සැකකාර ග්‍රාම නිලධාරිනියගේ ස්වාමි පුරුෂයාගේ බවත්, සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කරමින් සිටින බවත් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට සදහන් කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් යුද හමුදාවෙන් ද පසුගියදා නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එම නිවේදනය පහතින් දැක්වේ.

No description available.

(උපුටා ගැනීම : ලංකාදීප වෙබ් අඩවිය)