සති හතරක නිරෝධායන ඇඳිරිනීතිය සාර්ථකයි. සඳුදා සිට ක්‍රමානුකූලව රට විවෘත කිරීම ගැන අවධානය

September 14, 2021 at 3:06 PM

කවුරුන් කෙසේ කීවද සති හතරක නිරෝධායන ඇඳිරිනීතිය මගින් කොවිඩ් ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය වෙමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ආසාදිතයින් සහ කොවිඩ් මරණ වාර්තා වීම පහළ යන ස්වභාවයක්  පෙන්නුම් කරන බව ඇය සඳහන් කළාය.

මේ හේතුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ලබන 21වැනි දාට පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත  වෙමින් රට ක්‍රමානුකූලව විවෘත කළ හැකිවනු ඇතැයි ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා  වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණ රත්න මහත්මිය පවසන්නේ පවතින ඩෙල්ටා රැල්ල තවදුරටත්පාලනය නොකර රට විවෘත කිරීම අනුමත කළ නොහැකි බවයි.

ඒ හරහා නව කොවිඩ් රැල්ලක් මතු වූවොත් එය පාලනය කිරීම අසීරු වන බවටද ඇය සැක පළකරයි.