රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කලේ රාජ්‍ය අමාත්‍යවරයා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බවයි.
ජයන්ත කැටගොඩ ද 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයට තේරී පත්වූවත් ඉකුත් ජුලි මස 22 වෙනිදා ඔහු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන්ය.
නැවත වරක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු ජයන්ත කැටගොඩ හට නියෝජ්‍ය අමාත්‍ය පදවියක් ලැබෙනු ඇති බවද වාර්තා වනවා.