රජය ඉවත් වී නැවත මැතිවරණයක් පැවැත්විය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද දැඩි ප්‍රකාශයක් සිදුකර සිටියා.
මෙහිදී අදහස් ප්‍රකාශ කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැනි අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මොළේ පරීක්ෂාවක් සිදුකර ගත යුතු බවයි.
“මොළේ පරීක්ෂා කරගන්න ඕනේ එයාගේ මේවගේ වෙලාවක. ආ… දැන් ආණ්ඩුවට විවේචනයක් හැදිලා තියෙනවා. දැන් මට ඒ පුටුවේ වාඩිවෙන්න පුළුවන් එයාට. ඒ වගේ ඉතාමත් අපරිණත, අඥාන ප්‍රකාශයන් ඒවා. ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙලා තියෙනවා ඒක ඇත්ත. ව්‍යසනයක් වෙලාවේ ඡන්දයක්. ඔළුව පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? එකතු වෙන්නේ නෑනේ ආණ්ඩුව. අපි කරන්න ඕනේ මොකද්ද ? මේක හොඳ දිසාවට හරවන්න ඕනේ. යෝජනා දෙන්න ඔනේ. පිළිගන්නවාද නැද්ද වෙනම දෙයක්. කවුරු හරි හිතනවා ද මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න ඕනේ කියලා. ඒවා අර ලාබ ලෙස තමන්ගේ බලය පුටුවල වාඩිවෙන්න පුළුවන් කියලා හිතෙන නේද ? ඒ අයගේ අදහස්.” මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ යෝජනාවක් මත කෙරවලපිටිය බලාගාරයේ අයිතිය අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය වහාම හකුලාගත යුතු බවයි අද දිනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ.