ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ගේ මරණය ගැන සිව් වසරකට පසුව CIDය හෙළි කර ගත් දේ

September 12, 2021 at 10:55 PM

තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

2017 මැයි මස 9 වැනි දා මෙම ව්‍යාපාරිකයා මරණයට පත්වූ අතර ඔහුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස තීන්දු කර කෝට්ටේ ප්‍රදේශයේ සුසාන භූමියක කර මිහිදන් කර තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් මරණය සිදුව වසර 2කට පමණ පසු ඇති වූ ඇති වූ සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව 2019 වර්ෂයේදී ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විණි.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ හකු ඇටයක පිපිරීමක් හා වම්පස ඉල් ඇටයක පිපිරීමක් සිදුවී ඇති බවත් එය මොට බලයකින් සිදු වූ බාහිර තෙරපුමකින් සිදුවූවක් බවට දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වී ඇත.

මෙලෙස මොට ආයුධයකින් පහර දී ඇත්තේ ගෙල ටයි පටියකින් සිර කිරීමෙන් බව වැඩිදුරටත් අනාවරණය වී ඇත .

අත්අඩංගුවට ගත් තිස්හත් හැවිරිදි සැකකාර බාල පුතු ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නෙක් වන අතර දේපල ලබා ගැනීමේ අරමුණින් සිදු කළ මෙම ඝාතනය කර ඇත්දැයි පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.