හෙට ජිනීවා නුවරදී ඇරඹෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබේ.
ඒ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් වරිය වාචික දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බැවිනි.
පසුගිය මාර්තු මාසයේ පැවැති 46වැනි සැසිවාරයේ දී අංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවක ප්රතිපලයක් ලෙස මෙම වාචික දේශනය සිදුකෙරෙන අතර ඉන් පසු ඒ පිලිබඳ විවාදයක් ද පැවැත්වෙනු ඇති.
හෙට ඇරඹෙන සැසිවාරයේ පළමු දිනයේදීම මෙම යා වත්කාලීන කිරීමේ නිවේදනය මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැශලේ විසින් ඉදිරිපත් කෙරෙනු ඇතැයි ජිනීවා නුවරින් වාර්තා වේ.