කැලයේදී අතුරුදහන්වූ තරුණිය දින 04කට පසුව හමුවෙයි

September 10, 2021 at 12:57 PM

ඉකුත් සැප්තැම්බර් මස 04 වන දින සිය මව සමග දර කැඩීමට නුවරඑළිව වතුයායේ ඩන්සිනන් වත්ත වෙත ගොස් අතුරුදහන් වූ 25 හැවිරිදි ජේ. බාලන් කත්මුණ තරණි නමැති තරුණිය සොයා ගැනීමට යුද්ධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් හැකිව තිබෙනවා.

එහිදී, නුවරඑළිය පොලීසියේ දැනුම් දීමකට අනුව යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ 112 වන බලසේනාවේ 3 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හා පොලීසිය එක්ව ප්‍රදේශවාසීන් සමග එම තරුණිය සෙවීමේ මෙහෙයුම එදින සවස සිට ආරම්භ කළ අතර, දින 04 ක් පුරා සිදුකල මෙහෙයුමකින් පසු සැප්තැම්බර් මස 09 දින ඹබරකැලේ අළුත් කොළණිය, ශාන්තිපුර යන ස්ථානයේදී අදාල තරුණිය සොයා ගැනීමට යුධ හමුදා භටපිරිස් සමත්ව ඇත.

එම තරුණිය වැඩිදුර ප්‍රථිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු නුවරඑළිය පොලිස්ථානය මගින් මේ පිළිබඳ වැඩිදුරු පරික්‍ෂණ සිදුකරනු ලබයි.