“හිටපු සියළුම මහබැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල්ද ඇතුළුව විශ්‍රාම වැටුප් ලබා දීමට කබ්රාල් උත්සාහ කරයි (“Cabraal pushes for pensions with arrears for all Central Bank governors) යන මැයෙන් 2021 සැප්තැම්බර් මස 5 වන ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ කබ්රාල් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ තමන් 2006 වර්ෂයේ ජුනි මාසයේ 01 වෙනිදා සිට 2015 වර්ෂයේ ජනවාරි මස 08 වෙනිදා දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් සේවය කරනු ලැබූ බවත් සිය පත්වීමේ ලිපිය අනුව විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති බව එහි දක්වා තිබු බවයි.
ඒ අනුව මහා බැංකුවෙන් ඉවත්වී වසර 04ක් ගතවන තුරු තමන්ට කිසිදු විශ්‍රාම වැටුපක් ලබාදී නොතිබුණු බැවින්, ඒ සම්බන්ධයෙන් 2019 වර්ෂයේ පෙබරවාරි මස 12 වෙනිදා එවකට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කල කුමරස්වාමිට තමන් දැනුම් දුන් බවත් අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක තමන් විසින් සිදු කර නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර සිටියේ.