ඇතැම් අය වෛද්‍යවරුන් වගේ හැසිරෙමින් ජනතාව රවටනවා – අගමැති කියයි

September 5, 2021 at 8:06 AM

ලොව පුරා ප්‍රචලිතවන දේශීය හා ආයුරුවේද වෙදකමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මූලික පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මොණරාගල, සිරිගල පිහිටි ආයුර්වේද රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරා මේ බව සඳහන් කර සිටියා.

” අද ඇතැම් විට ජනතාවට නිවැරදි වෛද්‍යවරයා සොයා ගැනීමට ගැටලු තියෙනවා. ඇතැමුන් වෛද්‍යවරුන් වගේ හැසිරමින් ජනතාව රවට්ටනවා. තවත් සමරු තමන්ට දැනුමක් නැති රෝගවලට ප්‍රතිකාර දෙන්න ගිහින් රෝගීන් ආමාරුවේ දානවා. මෙවැනි දෑ සමාජයෙන් ඈත් වෙන්න ඕනේ. දේශිය වෙදකම ආයුර්වේදය ආශ්‍රිතව පරීක්ෂණ දියුණු කරලා ඒවායේ ප්‍රතිඵල අනාගතයේදී දක්නට ලැබෙයි කියලා අපි හිතනවා. ඒ නිසා වෙනදාට වඩා ඉදිරියේදී මේවාගෙන් හොඳ ප්‍රතිභල අපට දක්නට ලැබෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුවයි” මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

බෝනොවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර කරණු ලබන මෙම ආයුර්වේද රෝහලේ එක් වරකට රෝගීන් 42 නෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට හැකියි.