නවසීලන්තයේ, ඕක්ලන්ඩ් හිදී සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල සිදුකරනු ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා ගේ තොරතුරු හෙළි වී තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ අහම්ඩ් අදිල් මොහොමඩ් සම්සුදීන් නම්වූ මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිටි අයෙකු බවට හඳුනා ගෙන ඇති බව සඳහන්.
මෙම පුද්ගලයා 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට පැමිණ ඇති අයෙකු බවයි නවසිලන්ත අග්‍රාමත්‍යවරිය ඊයේ ප්‍රකාශ කර සිටියේ.
මෙම පුද්ගලයා දැඩි ඉස්ලාමිය අන්තවාදී අදහස් දරන අයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ දැඩි සෝදිසියෙන් යුක්තව සිට ඇත.
2017 වර්ෂයේදී ISIS සංවිධානයට එක්වීම සඳහා නවසීලන්තයේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත්වීමට මොහු උත්සහ දරා ඇති අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.