නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජ්‍යාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් රුපියල් මිලියන 3100ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 336ක් (ඇසුරුම් බර සහිතව) විදේශීය ධිවර යාත්‍රාවක් සහ එහි සිටි පුද්ගලයින් 07 දෙනෙකු අද සිය භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව මෙම මෙහෙයුම සිදුකළ බවයි වාර්තා වන්නේ.
ගොඩබිම සිට කිලෝමීටර 1370ක් පමණ දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සමුදුර නෞකාව මඟින් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර ඇත. එම පරීක්ෂාවේදී යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 301ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 336 ග්‍රෑම් 300ක් (ඇසුරුම් බර සහිතව) ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසුවේ.
අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන සමුදුර නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කරනු ලැබුවා.