ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරේ පළමු භාගය තුළ රුපියල් ට්‍රිලියන 1.4 කින් වැඩි වී ඇතැයි මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.
2020 වසරේ දෙසැම්බර් මාසය වනවිට පැවති රුපියල් ට්‍රිලියන 15.1ක් වූ ණය ප්‍රමාණය මාස 06 ක් තුළ එනම් 2021 වසරේ ජුනි මාසය වනවිට රුපියල් ට්‍රිලියන 16.5 ක් දක්වා වැඩි වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ දත්තවල දැක්වෙන්නේ.
2021 පළමුවන භාගයේ රාජ්‍ය වියදම රුපියල් ට්‍රිලියන 1.5ක් වී ඇති අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 714.5ක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් තොගයේ වටිනාකම රුපියල් බිලියන 482ක්.
මේ අතර ආනයනකරුවන් සඳහා අමෙරිකානු ඩොරයක වෙළෙඳපොළේ විකුණුම් මිල රුපියල 231ක් දක්වා ඉහළ ගොස් ඇත.
බැංකුවල මුල්‍ය ද්‍රවශීලතාව ඉතා සීඝ්‍රයෙන් පසුගිය දින කිහිපයේ පහත යාම හේතුවෙන් වාණිජ බැංකු විසින් මහා බැංකුවෙන් පසුගිය දින දෙක තුළ දී රුපියල් බිලියන 140 ක් සියයට 6ක් පොලියට ණයට ගෙන ඇත.