නවසීලන්තයේ, ඕක්ලන්ඩ් හි සුපිරි වෙළද සංකීර්ණයකට ඇතුල්වී පුද්ගලයින් 06 දෙනෙකුට පිහි ඇනුමක් සිදුකරනු ලැබූ ඉස්ලාමිය අන්තවාදී අදහස් දරනු ලබන පුද්ගලයෙකුට එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ශ්‍රී ලාංකික ජාතිකයෙකු බවයි එරට අග්‍රාමාත්‍යවරිය වන Jacinda Ardern සඳහන් කර සිටින්නේ.
අන්තවාදී ඉස්ලාමිය මතවාද දරනු ලබන මෙම ප්‍රහාරකයා සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුල් වී එහි සිටි පුද්ගලයින්ට පිහි ප්රහාරයන් එල්ල කිරීමට ආරම්භ කොට මිනිත්තුවක කාලයක් ගත වීමට පෙර ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කිරීමට සමත්ව ඇත.
ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයා නවසීලන්තයේ වසර 10ක කාලයක සිට පදිංචිව සිට ඇති අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් වසර 05ක කාලයක් පුරා එරට ආරක්ෂක අංශ අවදානයෙන් පසුවූ පුද්ගලයෙකු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.