පහන්තුඩාව අසැබි වීඩියෝව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්

September 2, 2021 at 2:14 PM

බලංගොඩ, පහන්තුඩාව දිය ඇල්ල අසලදී වීඩියෝ ගත කරන ලද අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව විසින් අද දිනයේදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පැවැති මෙම වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී යම් කිසි පිරිසක් එක්ව එක් කාන්තාවක් සහ පුරුෂයෙකු යොදා ගනිමින් මෙම අසභ්‍ය වීඩියෝව පටිගත කර ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පැවසුවේ.

ඉන් පසුව එම වීඩියෝව අන්තර්ජාලයේ වෙඩි අඩවි කිහිපයක පළකොට තිබු බවත්, පසුව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ ඒකකය විසින් අදාළ වීඩියෝව එම වෙබ් අඩවි වලින් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

මෙවැනි වීඩියෝ බෙදාහැරීම, ළඟ තබා ගැනීම වරදක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කර සිටියේ.