බංග්ලාදේශයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න ප්‍රකාශ කර සිටිනවා.
” බංග්ලාදේශයෙන් ණයක් ගත්තා කියලා ලොකු රාවයක් ගියා. ඒ රටේ පත්තෙරේක ගියා කියලා ලංකාවේ ඇතුලෙන්ම කාටුනයක් ද පලකරලා තිබුණා. මේක ණය මුදලක් නෙමෙයි. ඒක අපි මුලින්ම කියන්න ඕන. මේක ඇවිල්ලා මුදල් හුවමාරුවක්. ලංකාවේ තියෙන ඩොලර් හිඟය නිසා අපි බංග්ලාදේශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ගත්තා.
ඒ වෙනුවෙන් අපි ලංකාවේ රුපියල් මිලියන 40,000ක් විතර මුදලක් තැන්පත් කරලා තිබෙනවා. නියමිත ක්‍රමවේදය යටතේ හුවමාරුවේ දිනයට අපි ඒ ගත්ත මුදල් ඩොලර් වලින් පියවනවා. මේ කාල සීමාව සඳහා බංග්ලාදේශයෙන් අපෙන් පොලියක් ඉල්ලයි. ඒක අපි පියවන්න ඕන. මේක ණයක් නෙමෙයි කියලා කියන්නේ ඒ නිසයි.” පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ප්‍රකාශ කර සිටියා.