හෙරොයින් කිලෝග්‍රෑම් 290ක් නාවික හමුදා භාරයට

August 31, 2021 at 8:24 AM

හොරොයින් කිලෝ 290 ක තොගයක් ගැඹුරු මුහුදේ සිට ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් අද (31) අලුයම බේරුවලට ආසනන ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කර සිටිනවා.

නාවික හමුදාවේ බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගනු ලැබූ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ විථි වටිනාකම රුපියල් මිලියන 2321කට අධික බවයි නාවික හමුදාව සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පවතින සෞඛ්‍ය මර්ගොපදේශයන්ට අනුව එම පිරිස් සහ හෙරොයින් තොගය දැනට බේරුවල වරාය වෙත රැගෙන රැගෙන විත් ඇත.