වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට CIDයෙන් කැඳවීමක්

August 31, 2021 at 7:54 AM

සෞඛ්ය අමාත්යාංශයේ හිටපු මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා.

සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්රකාශ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීමට වෛද්යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව අද (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි වෛද්ය ජයරුවන් බණ්ඩාර වෙත දන්වා ඇත්තේ.