කොවිඩ් මරණ 9,000 සීමාව පසුකරයි

August 31, 2021 at 7:31 PM
මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,000 සීමාව  අද පසුකරනු ලැබුවා. ඒ ඊයේ දිනයේදී සිදුව ඇති මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ යනු ලැබුවා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2,340 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 38,421 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛය අමාත්‍යංශය පැවසුවේ.

තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 55,274 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.