ගුරු වැටුප් ගැටලුවට කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු තීන්දුව

August 30, 2021 at 11:05 PM

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වනවා.

එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කළ බවද ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඇමතිඅනු කමිටුව විදුහල්පති හා ගුරු සංගම් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර එය අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන මෙම තීරණ ගත් බව වාර්තා වන්නේ.

එබැවින් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

(උපුටා ගැනීම : ලංකාදීප වෙබ් අඩවිය)