ලබන බදාදා සිට සතොස සහ සමූපකාර අලෙවිසැල් ජාලය හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ පාරිභෝගිකයින්ට ලබාගැනීමට හැකි බව රජය පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මේ බව සඳහන් කර සිටියා.
මෙරට මාසික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් 45,000ක් බවත් ඉන් මෙට්‍රික්ටොන් 23,000ක් ජනතාවගේ පරිභෝජනය බවත් ඉතිරිය වෙනත් අවශ්‍යතා සඳහා භාවිතා කරන බවයි මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
මෙරට ජනතාවගේ දෛනික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් 1,500ක් බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.