කෝවිඩ් අභියෝගය ජයගැනීමට කළුතර නාගොඩ මහ රෝහලට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කර තිබේ
රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක යන්ත්‍ර (ventilators) 2ක් සහ K95 මුව ආවරණ තොගයක් කළුතර නාගොඩ මහ රෝහල වෙත මෙලෙස ලබා දී ඇත.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සිදු කළ ඉල්ලීමක් පරිදි ඔහුගේ හිතවතෙක් වන ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා විසින් මෙම උපකරණ ඔහු වෙත සපයා දී තිබුණි.
“මහජන නියෝජිතයන් විදිහට අපේ යුතුකම හා වගකීම වෙන්නේ මේ මොහොතේ දී මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීමයි. “
යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
.