ඔක්සි මිටර් සඳහා පාලන මිලක්

August 28, 2021 at 8:08 AM

කොවිඩ් වසංගතයේදී කිසියම් පුද්ගලයකුගේ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීම සඳහා භාවිත කෙරෙන ‘ප්ලස් ඔක්සි මීටර’ සඳහා පාලන මිලක් පැනවීමට ඖෂධ නියාමනය සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර මිල පාලනයක් සිදුකිරීම පිළිබඳව අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇත. ප්ලස් ඔක්සි මීටර අලෙවි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය බලපත්‍ර ලබා දී ඇත්තේ සමාගම් තුනකට පමණක් බවයි.

එහෙත් ශ්‍රී ලංකා රේගුවට හොරෙන් ලියාපදිංචි නොකළ ප්ලස් ඔක්සි මීටර මෙරටට ගෙනවිත් ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනාවරණය කර ගෙන තිබේ. චීනයෙන් ගෙන්වා ඇති මෙම උපකරණ බාල වර්ගයේ ඒවා බව ද සොයාගෙන ඇත.

මෙවැනි බාල වර්ගයේ ඔක්සි මීටර 3500ක් කොළඹ නගරයේදී අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරු පවසයි.

බාල වර්ගයේ ඔක්සි මීටර භාවිත කිරීමෙන් නිසි පරිදි ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීමට නොහැකි බව ඔවුහු පවසයි.

කෙසේ වෙතත් පල්ස් ඔක්සි මීටරයක් පළමුව අලෙවි කෙරුණේ රුපියල් 1350කටය. මේ වන විට එහි මිල රුපියල් 4000 සිට 8000 දක්වා වැඩි වී ඇති බව ෆාමසි හිමිකරුවන් පවසන්නේ.

( උපුටා ගැනීම – අරුණ වෙබ් අඩවිය)