ඇඳිරිය දිගු වෙයිද ? සාකච්ඡාව අද

August 27, 2021 at 10:08 AM

දින දහයක් සඳහා මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 30 වන සඳුදායින් පසු දීර්ඝ කරන්නේ දැයි සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ අද රැස්වීමට නියමිතය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනටමත් පවසා ඇත්තේ ඇඳිරිනීතිය දිවයින පුරා තවදුරටත් දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බවයි.

මේ වනවිට රටපුරා නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර දින හයක් ගත වී ඇත.

මේ අතර මෙරටට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක0 ක් හෙට රැගෙන ඒමට නියමිතය.

ඒ චීන මහජන විමුක්ති ආරක්ෂක බලකාය මෙරට හමුදාව සඳහා පරිත්‍යාග කරන එන්නත් ලක්ෂ තුනට අමතරවයි.

මේ අගෝස්තුවේදී පමණක් සයිනොෆාම් එන්නත් ලක්ෂ 70ක් මෙරටට ගෙනැවිත් ඇති අතර සම්පූර්ණයෙන් සයිනොෆාම් එන්නත් ලක්ශ 180 ක් මෙරටට ලැබී ඇත.