නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය හෙට දිනයේ දී ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පනවනු ලැබුවා. දැනට තීරණය කර ඇති පරිදි නිරෝධායන ඇදිරිනීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වෙනිදායි.
කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් ඉදිරි තීරණය ගැනීමට නියමිතව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
කොවිඩ් පැතිරීම පාලනය කිරිම සඳහා රට තවත් කාලයක් වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයෝ පිරිසක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් ද සිදුකරනු ලැබුවා.