ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අගනුවර පිහිටි ගුවන් තොටුපොළ ආසන්නයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඉන් පළමු ප්‍රහාරය ගුවන් තොටුපොළේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි අමෙරිකානු හමුදා වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
පළමු ප්‍රහාරය එල්ලවී මිනිත්තු 30 කට පසුව දෙවන පිපිරිම සිදුව ඇති බව සඳහන්.
මේ දක්වා බෝම්බ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු 13 දෙනෙකු මියගොස් ඇති බවයි තලෙයිබාන් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත්සේවය සඳහන් කර සිටියේ.