50%ක් දෙන්නම්! -ඩිලාන් කියයි.

August 25, 2021 at 2:31 PM

ආර්ථික අපහසුතා හේතුවෙන් සිය සම්පූර්ණ වැටුප පරිත්‍යාග කළ නොහැකි බව මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

තමා දැන් නීතීඥ වෘතියේද නොයෙදෙන බැවින් එලෙස මුලු වැටුප පරිත්‍යාග කලහොත් තමාට ජීවත් වීමටවත් නොහැකි නිසා වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල වෙනුවෙන් කැප කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

තමාගේ සියලු ඉතුරුම් පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කර ඇතත් එම ආයතනය කඩා වැටීමෙන් ඒ සියලු මුදල් අපතේ ගිය බවත් ශත පහක් වත් ලබාගත නොහැකි වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය .

සිය බිරිඳගේද සුලු රැකියාවෙන් ජීවත් වන බවයි ඔහු පවසන්නේ.

එබැවින් සමාජ වගකීමක් ලෙස සිය වැටුපෙන් 50%ක් පරිත්‍යාග කරන නමුත් රජයේ සේවකයන්ට ඒ නිසාම කැප කිරීම් කරන්නැයි ඉල්ලා සිටිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය

” මට මෙහෙම නම් රාජ්‍ය සේවකයන්ට කොයි තරම් අමාරු ඇද්ද?”

ඔහු විමසා සිටියේය.