ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා දින 180ක් දක්වා වලංගු වන සංචාරක වීසා බලපත්රයක් නිකුත් කිරිම සඳහා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන මාර්ගගත විද්යුත් සංචාරක වීසා බලපත්ර ලබාදීමේ පද්ධතිය හරහා සංචාරක වීසා අයදුම් කිරීමේ ක්රියාවලියට ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දුරකථන යෙදවුම සම්බන්ධ කරමින් මෙම වැඩපිළවෙල ක්රියාත්මක කිරිමට තීරණය කර ඇත.
මෙහිදී සාර්ක් රටවල සංචාරකයින් ගෙන් අමෙරිකානු ඩොලර් 70ක්, සාර්ක් නොවන රටවල සංචාරකයින් ගෙන් අමෙරිකානු ඩොලර් 85ක් සහ සිංගප්පුරුව, මාලදිවයින, සීෂෙල්ස් රටවල සංචාරකයින් ගෙන් අමෙරිකානු ඩොලර් 50 බැගින් අය කෙරෙනු ඇති.