කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මාසයේ වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය රාජ්‍ය අංශයේ වැටුප් කප්පාදුවක් සඳහා තල්ලු කිරීමේ උත්සාහයක් නොවන බව සම කැබිනට ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කර සිටිනවා.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජයනය කරනු ලබන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් තම අගෝස්තු මාසයේ වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කෙරුණා.
කැබිනට් මණ්ඩලය ගත් තීරණය රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ පවා වැටුප් කප්පාදු කිරීමට තල්ලු කිරීමේ උත්සාහයක් බවට පළවන වාර්තා වල සත්‍යතාවක් නොමැති බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ.