තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

August 24, 2021 at 8:11 AM
ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියා.

අදාළ එන්නත් මාත්‍රා තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ, ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.