ගුරු වැටුප් ගැටලුව ගැන තීන්දුව ලබන සතියේ!

August 24, 2021 at 10:31 AM

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජයේ තීන්දුව ලබන සතියේ ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණන්දැනුම්දිමේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මේ බව හෙළි  කළේය.

ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ ගුරුවිදුහල්පති වැටුප් ගැටලුව ගැනන්සෙවීමට පත්කළ ඇමති කමිටුව එම නිර්දේශ ලබා දීඇත.

ඒ පිලිබඳව පැයක්පමණ සාකච්ඡා කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගිවී නැත.

මුදල් අමාත්‍ය වරයාටද එම කමිටු වාර්තාව ලැබී ඇත්තේ සිකුරාදායි.

මෙම කරුණි සැලකිල්ලට ගෙන එම සාකච්ඡාව ඉතිරි කොටස ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.

එහි තීන්දු ඒ අනුව ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා පැවසීය.