2000 දීමනාව අද සිට

August 23, 2021 at 8:40 AM

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000සේ දීමනාව අද (23) දිනයේ සිට ලබාදීමට නියමිතව තිබෙනවා. අදාළ දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති බව සඳහන්.

එම දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය ද ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඊයේ (22) දිනයේ නිකුත් කර ඇත.

ඒ අනුව මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි වු පවුල් පමණක් බව සඳහන්.

රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

ඒ අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ ග්‍රාමීය කමිටුවේ සහාය ඇතිව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් සේවයේ නියුතු නිලධාරීන් මගින් සුදුසු ක්‍රමවේදයක් යටතේ අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරනු ඇත.