ඇඳිරිනීතිය දමන්න කළින් අරක්කු ගබඩා කරගත් අයට වැඩ වරදී.

August 23, 2021 at 8:54 AM

බලපත්‍ර නොමැතිව  අරක්කු ලඟ තබාගත්  සිදුවීම් දෙකක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසිය සමත් වී තිබේ .

පසුගිය දිනක නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කළ පසු බොහෝ දෙනා තැබෑරුම් වලින් අරක්කු මිලදී ගෙන ගබඩා කරගෙන ඇත්තේ වැඩිමිලට විකිණීම සඳහායි.

මේ අනුව ක්‍රියාත්මක පොලිස් පරීක්ෂණ වලින් අත් අඩංගුවට ගැනීම් දෙකක් ඊයේ සිදුකර ඇත.