කොවිඩ් වසංගතය පැණි බීමෙන් හෝ මුට්ටි ගංගා වල දැමීමෙන් පාජය කළ නොහැකියි. ඇමති ඩලස් කියයි.

August 22, 2021 at 8:29 AM

කොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර දී පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය වරයා සඳහන් කළේ  පැණි බීමෙන් හෝ මුට්ටි ගංගාවල දැමීමෙන් ඊට විසඳුමක් ලද නොහැකි බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වන ලබන 30 වැනිදා වන විට මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කරගැනීමට ජනතා සහය අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ සඳහා ලබන සඳුදා සිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල මහින් විශේෂ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක බැවින් එම ඉලක්ක සපුරාගත හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකළේය.