2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාලව සිදුකරනු ලබන විමර්ශන ක්‍රමවත්ව සිදුනොවන බැවින් හෙට දිනයේදී සිය නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ සිටින ස්ථානයක කළු කොඩියක් ඔසවමින් විරෝධය පලකරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාවට විරෝධය ප්‍රකාශ කිරීමට ඒකරාශී කිරීමට අදහස් නොකරන බවත්, පවතින ආසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව මෙම කළු කොඩි විරෝධය සඳහා එක්වන ලෙසයි කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටින්නේ.
කාදිනල් හිමිපාණන් විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ…