අද රාත්‍රීයේ සිට දින 10කට රට ලොක්ඩවුන් කරයි

August 20, 2021 at 2:12 PM

අද රාත්‍රී 10.00 සිට ලබන 30 වෙනි සඳුදා දක්වා මුළු දිවයිනම ලොක් ඩවුන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ටිවිට්ර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

මෙම කාලය තුලදී අත්‍යාවශ්‍ය සේවා කටයුතු පමණක් පවත්වාගෙන යනු ලබන බවත් ජනතාව නිවසටම වී සිටින ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ට්විටර් සටහනේ දැක්වෙනවා.