කල් ඉකුත්වන රියැදුරු බලපත්‍ර සඳහා මාස 06ක වලංගු කාලයක්

August 19, 2021 at 7:03 PM

කල්ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා තවත් මාස 06ක වලංගු කාලයක් ලබාදී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම නව රියදුරු බලපත්‍ර ලබාගැනිමේ පරික්ෂණ ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බවයි ප්‍රවාහන කොමසාරිවරයා සඳහන් කර ඇත්තේ.

“රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මහජනතාව අතර අදහසක් තියෙන්න පුළුවන් දැන් අපිට රියදුරු බලපත්‍ර අලුත් කරගන්න විදිහක් නැහැ, ඒ සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කෙරෙයි කියලා. නමුත් කොවිඩ් වසංගතය ලංකාවේ පැතිරුනේ 2020 මාර්තු මාසයේ සිටම අපි ඒ කාලයට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළා. එතකොට අපි අවසාන වරට දිර්ඝ කළේ 2021 අප්‍රේල් 1 වන දා සිට 2021 සැප්තැම්බර් 30 දක්වා අතර කාලයේ දවසක කල් ඉකුත්වන රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අපි මාස 6කින් දිර්ඝ කළා. ඒ නිසා 2021 අප්‍රේල් 1 න් පස්සේ දවසක නම් ඔබේ රියදුරු බලපත්‍රය කල්ඉතුක් වන්නේ ඒ කල්ඉතුක් වන දවසේ සිට ඉදිරියට මාස 6ක් වලංගුයි.”

පසුගිය කාලයේ වාහන ලියාපදිංචි කිරීම ද කැපී පෙනෙන ලෙස අඩු වූ බව සුමිත් අලහකෝන් පෙන්වා දෙනවා.