කොවිඩ් වසංගතය පාලනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් කැඳවන ලෙස හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරනු ලැබුවා.
ඒ සඳහා ආණ්ඩුවේත් විපක්ෂයේත් මූලිකත්වයෙන් වහාම වූ ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතු බවයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.
එමෙන්ම කොවිඩ් වැළදුණු රෝගීන්ට මානසික සුවයක් අවශ්‍ය අතර ඒ සඳහා මැදිහත් වීමට සෞඛ්‍ය විශේෂඥයන්, ආගමික නායකයන්, දේශපාලනඥයන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය වැනි ක්ෂේත්‍ර ඊට එක්විය යුතු බවට ද හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර සිටියේ.
ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින්නේ වසංගත රෝග සම්බන්ධයෙන් අත්දැකීම් සහිත පුද්ගලයන් බවත් සියලු අංශවලින් ශක්තිමත් ලෝක මහා බලවතුන් පවා මේ වසංගතයෙන් පීඩා විඳින අතර රටේ පැයකට 5-6 දෙනෙකු මියයන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඔහු පැවසුවේ.
එම නිසා ලංකාව කොවිඩ් තත්ත්වය පාලනය කර ගැනීමට සියලු දෙනාගේ සහභාගිත්වය අවශ්‍ය වනවා සේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහභාගිත්වය ද මීට වඩා ලබාගත හැකි බවත් සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත වැඩ කොටසක් කරන්නේ කෙසේදැයි මේ මොහොතේ කල්පනා කළ යුතු බවයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.