වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙස සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
ඒකාබද්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින 10 තුළ එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙසයි.
ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව ද එම පක්ෂය සඳහන් කර සිටියි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂය සමඟ සන්ධානගත පක්ෂවල නායකයින් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා අමීර් අලී ගේ අත්සනින් යුතුව එම ඒකාබද්ද නිවේදනය නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.