පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සියලුම කඩසාප්පු වසා දමා සති දෙකක කාලයකට දෛනික කටයුතු අක්‍රිය කිරීමට ස්වේච්ඡාවෙන් තීරණය කරන ලද නගර සංඛ්‍යාව ඊයේ (16) පස්වරුව වන විට 23ක් දක්වා වර්ධනය වි තිබෙනවා.
මේ අතර අත්‍යවශ්‍ය කරුණකට හැර රටේ වාණිජ අගනුවර වන කොළඹ නගරයට පැමිණීමෙන් වළක්නා ලෙස කොළඹ නගරාධිපති රෝසි සේනානායක කොළඹ පදිංචිකරුවන්ගෙන් සහ දෛනික කොළඹට පැමිණෙන පිට පළාත්වල ජනතාවගෙන් ඊයේ ඉල්ලා සිටියා.
ස්වේච්ඡාවෙන් කඩසාප්පු වසා දමමින් සිය නගර ස්වයං අගුළු දැමීමකට යටත් කිරීමට ඊයේ උදෑසන වන විට ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරඳගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, අම්පාර පළාත්වල සහ උල්පත යන නගරවල වෙළෙඳ සංගම් තීරණය කර තිබුණි. ඒ අනුව පෙරේදා (15) සිට සතියක කාලයක් ගම්පහ නගරය වසා දැමීමට තීරණය කර ඇත. කොවිඩ් ආසාදිතයන් බහුලවම වාර්තා වන නගරයක් ලෙසද ගම්පහ හඳුනාගෙන තිබේ. ගම්පහ එම තීරණය අනුව යමින් ඔසුසල් හැර නගරවල අනෙකුත් සියලුම වෙළෙඳසල් සතියක කාලයක් වසා දැමීමට තවත් නගර 08ක වෙළෙඳ සංගම් තීරණය කළේය.
පෙරේදා ගනු ලැබූ එම තීරණයට සමගාමීව ඊයේ දිනයේ තවත් නගර 11ක් වසා දැමීමට ඒවායේ වෙළෙඳ සංගම් තීරණය කර ඇත. මෙලෙස ඊයේ වසා දැමීමට තීරණය කරන ලද නගර වන්නේ බදුල්ල, දිවුලපිටිය, බලංගොඩ, බණ්ඩාරවෙල, වැලිගම, ඇඹිලිපිටිය, තංගල්ල, බෙලිඅත්ත, කෑගල්ල, වලපනේ සහ මාතලේ යටලවත්ත යේලක්කරයයි.
මේ අතරින් බදුල්ල ඇතුළු නගර කිහිපයක් හෙට (18) සිට සතියක කාලයක්ද, බණ්ඩාරවෙල ඇතුළු නගර කිහිපයක් අද සිට සතියක කාලයක්ද වෙළෙඳ කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.
වසා දැමීමට තීරණය කෙරුණු සියලුම නගරවලින් මේ වන විට සැලකියයුතු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. වෙළෙඳසල්වල සේවක සේවිකාවන්ගේ මෙන්ම නගරවලට පැමිණෙන ජනතාවගේද සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා එම නගරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලද මගපෙන්වීම අනුව මෙලෙස නගර ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට තීරණය කර ඇත.