රටපුරා විවිධ නගර වල වෙළඳසැල් ස්වේච්ඡාවෙන්ම වැසීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.
මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පසුගිය දිනවල උද්ඝෝෂණ පවත්වන විට එයට එරෙහි වෙමින් වෙළඳසැල් වසා දැමීමට කටයුතු නොකළ වෙළඳසැල් හිමියෝ අද රටේ ආර්ථිකය අක්‍රීය කිරීමට එලෙස කටයුතු කරන බවයි.
මේ වෙළඳසැල් වැසීම පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවද සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේනම් රට වැසීම සම්බන්ධයෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.