තලේබාන් සංවිධානය අගනුවර බිඳවැටීමෙන් පසු කාබුල් වෙතින් පලා යාමට දැඩි උත්සාහයක යෙදී සිටි ඇෆ්ගන් ජාතිකයින් සිය ගණනක් එක්සත් ජනපද යුධෝපකරණ ප්‍රවාහන ගුවන් යානයක පටවාගෙන සිටි අයුරු දැක්වෙන අසාමාන්‍ය ජායාරූපයක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.
එක්සත් ජනපද ආරක්‍ෂක සහ ආරක්‍ෂක ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන Defense One විසින් ලබා ගත් පින්තූරයේ දැක්වෙන්නේ සී -17 ග්ලෝබ්මාස්ටර් III
ගුවන් යානය තුල පුද්ගලයින් 640 දෙනෙකු සිට ඇති අතර එවැනි ගුවන් යානයක රැගෙන ගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය වනවා.
ගුවන් යානය එතරම් විශාල බරක් පැටවීමට අදහස් නොකළ නමුත් කලබලයට පත් වූ ඇෆ්ගනිස්ථානුවන් සී -17 ගුවන් යානයේ අර්ධ ලෙස විවෘත තිබු පසුපස දොරෙන් ඇතුල්වූ බවයි Defense One වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.
අමෙරිකානු ආරක්ෂක නිලධාරින් පැවසූවේ මෙම ගුවන් යානය ඇතුළුව ගුවන් යානා කිහිපයක් මගින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පුද්ගලයින් රැසක් කාබුල් සිට කටාර් දක්වා ආරක්ෂිතව ඉවත් කර ගත් බවයි.