සෞඛ්‍ය ඇමතිධුරය කෙහෙළියට – පවිත්‍රා ප්‍රවාහන ඇමති ධුරයට

August 16, 2021 at 12:15 PM

මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යධුර සංශෝධනය සිදුකර තිබෙනවා.

නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත්කර ඇති අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව අධ්‍යාපන අමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට හිමිව ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ජී.එල්. පිරිස්ට හිමිව තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශය ඩලස් අහලහප්පෙරුම දිවුරුම් දී තිබෙනවා. ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

මිට අමතරව නාමල් රාජපක්ෂ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇත.