කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම් දෙනු ලබනවා.
ඒ අනුව අද දිනයේ සිට මහජනතාව ඒකරාශී වන කිසිදු උත්සවයක්, වැඩමුළු වැනි අවස්ථා පැවත්වීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
හෙට (17) දින මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව පැවැත්වීමට ද අවසර හිමි නොවේ. කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බවද පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියේ.
නිවසකදී හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කරගැනීමට හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.
ඒ සඳහා මනාල යුවල, දෙපාර්ශ්වයේ දෙමව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට සහභාගීවීමේ හැකියාවක් පවතී. ඒ හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් ඊට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.