යුක්රේනියානු සංචාරකයින් 99.6% ක්ම නිරෝගී බව ඔප්පු කරන්න.. එන්න විවාදයකට – උදයංග වීරතුංග ගෙන් මන්ත්‍රී විජයදාසට අභියෝගයක්

August 15, 2021 at 11:28 AM

යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ එම නිවේදනයයි …

පසුගිය දවස්වල යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් හා එම ආණ්ඩුවට පක්ෂපාත විවිධ මාධ්‍ය විසින් මා ගැන විටින් විට මත පල කරනු ලබයි.

අද කැබිනට් ඇමතිකමක් නොලැබීම නිසා, ජීවිතය විදවන්න මේ ලෝකෙට ආපු කෙනෙක් නෙමෙයි.. විදින්න ආපු කෙනෙක්..” බව කියමින්, ලගකදි සිදුකරන කැබිනට් සංශෝධනයෙදී තමන් ඇමතිකමක් බලාපොරොත්තු වන බවට ඉගියක් කරමින් රටෙහි ජනාධිපතිට ලියන ලද දුක්ගැනවිලි අතරින්, යුක්රේනියානු සංචාරකයන් පිළිබඳ මගේ නම ද පටලවා ඇති නිසා ගිරුවාපත්තුවේ විජේදාස මලයාට මෙසේ ලියමි.

මෙම කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සංචාරකයින් සඳහා නැවත රට විවෘත කිරීමේ අභියෝගය සාර්ථක කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථයේන් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට 2021 ජනවාරී මස 19 දා දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස පූර්ණ සෞඛ්‍ය නිර්දේශ යටතේ ඉතා සාර්ථකව යුක්රේනියානු සංචාරකයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලට රැගෙන ආවේ රාජපක්ෂ පරපුරේ “කුරහන් සාටකය” ආවාට – ගියාට කරටදමා ගත් එකක් නොවබව විජේදාසමතක්කර දෙන්නම යි.

‘සංචාරක බුබුල’ පිළිබඳ සංකල්පය යටතේ එසේ මෙරට පැමිණි යුක්රේනියානු, කසාක්ස්තානු හා රුසියානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව මෙරට දී ඔහුන්ට සිදු කරන ලද PCR පරික්ෂණ වලින් සනාථ වී ඇති මොහොතක, කොරෝනා බුබුළුගෙනාවා කියමින් ඔහුන්ගේ පැමිණීමට නිගරු කිරීම අපේ සංචාරක කර්මාන්තයේ නියුතු ලක්ෂ 30 ක් පමණ වූ ශ්‍රමිකයන් හට සිදුකරන මහා අසාධාරණයක් බව විජේ මලයාට නොතේරෙන්නේ තවම ඇමතිකමක් නැති නිසාම ද?

අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. මෙම වසරේ ජුලි 31 දිනට මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණි ඇති අතර එම පිරිස අතරින් යුක්රේනියානු, කසාක්ස්තානු හා රුසියානුවන්ගේ එකතුව පැමිණි සමස්ථ සංචාරකයන්ගෙන් 32% කි. එම කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක එකතුව 19,337 කි. ඇත්තටම මෙහිදී අපට වඩා 32 ගුණයක් වැඩියෙන් මාලදිවයිනට සංචාරකයන් පැමිණියේ ඔහෙලා වගේ කුහකයෝ විපක්ෂයේ ඉන්න නිසා බව ඔප්පු කරන්න ඕනෑම රුපවාහිනී නාලිකාවක “යුක්රේනියානු සංචාරක ආගමනයපිළිබඳ විවාදයකට එන්න කියලා වලස්මුල්ලේ විජේදාස මලයා ට මම අභියෝග කිරීමට කැමතියි.

කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජයට නිවරදි තීන්දු තීරණ ගන්න පුලුවන් වුනේ ඔහෙලා වගේ කුහකයන් මාලදිවයිනේ පාර්ලි‌‌මේන්තුවේ නැති නිසා. අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියතු ලක්ෂ 30 ක් පමණ වූ ලාංකිකයන් වෙනුවෙන් රජයට සංචාරක හිතකාමී වාතාවරණයක් සැදීමට නොහැකිවීම ඇත්තටම අප දකින්නේ අතට ලැබුණු වාසනාවන්ත ට පයින් ගැසීමක් ලෙසය. මොකද, අද ලංකාවේ ලියාපදිංචි හෝටල් 2900 ක කාමර 42,000 පමණ තිබෙන බව අමතක නොකර යුතුය.

ඔහේගේ ලියුමේ කියලා තියෙන්නේ පස් වතාවක් ඇමතිකම් ප්‍රතික්ෂේප කරා කියලා. එත් සමාජය දන්නවා හැමදාම ඇමතිකම් නැති වුණේඇයි කියලා. අද ඔහෙලට ඕන රටෙහි ආර්ථීකය විනාශ කරලා ආණ්ඩුව අල්ලාගෙන නැවත ඇමති කටුවක් සුප්පු කරන්න පමණක් බවත් ගිරුවාපත්තුවම කියනවා.

ඔහේ යවපු සන්දේශයේ ලියලා තියෙනවා “මම කාගෙන්වත් පළිගත්තේ නැහැ කියලා”. ඒ වචන, මගේ අමිහිරි මතක අවදිකලා. එදා ඔහෙලාගේ යහපාලන යමපල්ලෝ මට එරෙහිව සිදුකල කූටදේශපාලන පළිගැනීම් පිළිබඳ, ගිරුවාපත්තුවේ උදයංග වයසින් වැඩිමහල් විජේදාස මලයාවිවාදයේ දී පැණි රසට මතක්කර දෙන්න සූදානම්ව සිටින බව කියා සිටිමි.

උදයංග වීරතුංගරුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති.