පාතාලය ගැන කියැවුණු රැප් සින්දුව ඉවත් කරන්නැයි නියෝග : අත්අඩංගුවට ගත් පිරිසට ඇප

August 13, 2021 at 11:57 AM

මීට වසර දෙකකට පමණ ඉහතදී “රස්තියාදු පදනම” යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට මුදාහරින ලද දේශීය රැප් සින්දුවක් ඉවත් කිරිමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

කොවිඩ් වෛරසය නිසා අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම ලබන සිය දරුවන්ට අසභ්‍ය වචන, මත්ද්‍රව්‍ සඳහා පෙළඹවීම සහ අයහපත් ආදර්ශයන්ට මෙම ගීතය මගින් යොමු කරන බවට දෙමව්පියන් පිරිසක් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටියේ.

දෙමව්පියන්ගෙන් ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණය වෙත කරුණු වාර්තා කරනු ලැබුවා.

මෙම ගීතය සෑදු බව කියන පුද්ගලයින් තිදෙනාව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී අධිකරණය විසින් ඔවුන්ට ඇප කොන්දේසි නියම කරමින් අදාළ වීඩියෝව පැය කිහිපයක් තුළ අන්තර්ජාලයෙන් ඉවත් කිරිමට නියෝග ලබා දෙන ලදියි.

මෙම විමර්ශනයේදී හෙළිවූ තවත් කරුණක් වුයේ අදාළ ගීතය ගායකයින්ට සහ ගීත නිර්මාණය සඳහා මුල්‍ය ආධාර ලබාදී ඇත්තේ මිට මාස 04 කට පෙර මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක බවයි.