කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන පිළිබඳව ජාතික රූපවාහිනිය මඟින් මෑතකදී හෙළිදරව් කළ සංඛ්‍යාව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කිරීමක් කරනු ලැබ තිබෙනවා.
වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 100% කට වඩා වැඩි පිරිසකට කොවිඩ් මර්ධන එන්නතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව ජාතික රූපවාහිනිය විසින් හෙළිදරව් කිරීමෙන් පසු බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න මතු කර තිබුණා.
එම විමසීම් පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය වෙත පැවසුවේ එන්නත් කළ පුද්ගලයින්ගේ ප්‍රතිශතය ගණනය කරනු ලබන්නේ ඇස්තමේන්තුගත ජනගහනය පදනම් කරගෙන බවයි.
රටේ ඇස්තමේන්තුගත ජනගහනයට සාපේක්ෂව මේ වන විට ප්‍රදේශ කිහිපයක පදිංචි පුද්ගලයින් වැඩි බව ඔහු තවදුරටත් පැහැදිලි කර සිටියා.
ඔහු සඳහන් කළේ මෙරට ඇස්තමේන්තු ගත ජනගහනය 30ට වැඩි ජනගහනයට සාපේක්ෂව එන්නත වැඩි වැඩියෙන් මිනිසුන් ලබාගෙන ඇති බවයි.
මේ හේතුවෙන් මේ වන විටත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට 100% කට වඩා එන්නත් කර ඇති බව ගණන් බලා ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පැවසුවේ.