කොරෝනා වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් සඳහන් කර සිටිනවා.
හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මේ සඳහා සම්බන්ධයෙන් යයි පැවසූ මන්ත්‍රීවරයා යුද හමුදාපතිට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මෙම වැරදි දත්ත නිසා ජනාධිපතිවරයා පවා නොමග යවන බවත් කොරෝනා මර්ධන වැඩපිළිවෙල ද අකර්මන්‍ය කිරීමට හේතුවක් වන බවයි මුසම්මිල් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
පසුගිය 11 වෙනිදා මෙරටින් ආසාදිතයන් 5415ක් වාර්තා වී ඇති බවත් 05 වැනිදා සිට මේ දක්වාම දිනකට ආසාදියන් 5000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියේ ඔහු සතුව තිබූ වාර්තාවක්ද සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි.
එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවා.